කෑගල්ල දිස්ත්‍රික්කයේ කර්මාන්ත අමාත්‍යාංශයට අනුයුක්ත ව්‍යවසාය සංවර්ධන නිලධාරීන් සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීම කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගලිගමුව ප්‍රාදේශිය ලේකම් සුසන්ත හේරත් මහතාගේ සහභාගීත්වයෙන් අද (17) දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අනුව ව්‍යවසාය සංවර්ධන නිලධාරින් විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩ සටහන් හා ඒ සම්බන්ධව පවතින ගැටළු පිළිබද සකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව කෑගල්ල දිස්ත්‍රික් ව්‍යවසාය සංවර්ධන අංශය මගින් සංවිධානය කර තිබු අතර ව්‍යවසාය සංවර්ධන නිලධාරින් පිරිසක් සහභාගි වුහ.

src="images/2021/News/november/nov17_enterprise_development_officers/enterprise_development_officers2.png" alt="" /> src="/images/2021/News/november/nov17_enterprise_development_officers/enterprise_development_officers3.png" alt="" /> src="/images/2021/News/november/nov17_enterprise_development_officers/enterprise_development_officers4.png" alt="" />