බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය සමාලෝචනය කිරිමේ රැස්වීමක් අද (17) පෙරවරුවේදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ජේ. ඩි. රණේපුර මහතාගේ ප්‍රධානත්වයෙන් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකොන් මහත්මියගේ සහභාගීත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඌන සංවර්ධිත විහාරස්ථාන වැඩි දියුණු කිරිමේ වැඩ සටහන යටතේ ගලිගමුව, දැරණියගල , රුවන්වැල්ල, රඹුක්කන, වරකාපොල , දෙහිඹ්විට, අරණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල තෝරා ගත් විහාරස්ථන 18 ක මේ වන විට ක්‍රියාත්මත වන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය විමසා බැලිණි.

ඌන සංවර්ධි දහම් පාසල් සංවර්ධනය කිරිමේ වැඩ සටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ම නියෝජනය වන පරිදි දහම් පාසල් 35 ක ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි වත්මන් තත්වය සාකච්ඡා කෙරිණි.

තිරසර පුණ්‍යග්‍රාම වැඩ සටහන යටතේ විහාරස්ථානයන්හි භෞතික සංවර්ධන වැඩ සටහන් මෙන්ම අධ්‍යාත්මික වැඩ සටහන්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ම නියෝජනය වන පරිදි ක්‍රියාත්මක අතර මේ වසර අවසන් වන විට එහි ප්‍රගතිය විමසා බැලිණි.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අපදාවන්ට ලක් වු කැගල්ල , ගලිගමුව, රුවන්වැල්ල, රඹුක්කන, මාවනැල්ල කොට්ඨාසයන්හි විහාරස්ථානයන්හි ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබදවද මෙහිදි අවධානය යොමු විය.
2020 වසරේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරිමේදි අවධානය යොමු කල යුතු කරුණු පිළිබදව මෙහිදි සාකච්ඡා විය. ඒ අනුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සියල්ලටම පොදු වු නිර්මාණාත්මක මෙන්ම වඩාත් ඵලදායි වැඩ සටහනක අවශ්‍යතාවය මෙහිදි අවධානයට යොමු විය.

මේ අවස්ථාව සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ෂණි, සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි සහකාර සැලසුම් අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි බෞද්ධ කටයුතු සමායෝජකවරුන් ඇතුළු පිරිසක් එක් වුහ.