පසුගිය දින කිහිපය තුළ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්වය හමුවේ නාය යාමේ අවදානම හේතුවෙන් වසා දැමූ කොළඹ නුවර මාර්ගයේ පහල කඩුගන්නාව ආශ්‍රිත ප්‍රදේශය නිරීක්ෂණය සඳහා තරුණ හා ක්‍රීඩා සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (17) පස්වරුවේදී සහභාගි විය .

එහිදී ආපදා අවදානම අවම කිරීමට ගත් ක්‍රියාමාර්ගයන්හි වත්මන් ප්‍රගතිය, මාර්ගයේ එක් මං තීරුවකින් ගමනා ගමනය සිදු කිරීම, ආදායම් අහිමි වූ කඩ හිමියන් සඳහා ගනු ලබන ඉදිරි සැලසුම් පිළිබඳව අවධානයට ලක් විය.
එම අවස්ථාවට වතු වැවිලි ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්‍රිත බෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, ගොඩනැගිලි පර්යේෂණ භූ විද්‍යාඥ නිමාලි වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.