නවීකරණයට ලක් කෙරුණු තෝලංගමුව අනුබද්ධ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ඊයේ ( 17 ) පෙරවරුවේ දි කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක මහතා ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය හා කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

මෙම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය වත්තේගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට අනුබද්ධව පවත්වාගෙන යනු ලැබේ.
මෙම පුහුණු මධ්‍යස්ථානය මගින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා බතික් හා විවිධ අත්කම් නිර්මාණ පාඨමාලාවන් පැවැත්විමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා මෙහිදි සඳහන් කළේ ඔබගේ හැකියාවන් හා කුසලතාවයන් ඔප මට්ටම් කර ගැනිමට මෙම පුහුණුව තුළින් හැකි වන බවත් ,තම ආර්ථිකය ශක්තිමත් කර ගන්නා අතරම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමටද දායකත්වය ලබා දෙන කණ්ඩායමක් වන බවයි.

ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය මෙහිදි සඳහන් කළේ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ මේවැනි වෘත්තිය පුහුණු මධ්‍යස්ථා 08 ක් මේ වන විට දිවයින පුරා ව්‍යාප්තව තිබෙන අතර ලබන වර්ෂයේදි තවත් මධ්‍යස්ථාන 02 ක් එක් වන බව සඳහන් කල අතර මෙවැනි වෘත්තිය පුහුණු පාඨමාලා හැදෑරිම තුළින් තම ජීවිත සාර්ථක කර ගැනිමට හැකි වන බවයි.

මෙම අවස්ථාවට වරකාපොළ ප්‍රාදේශිය සභාවේ සභාපති සරත් සුමණසූරිය මහතා ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය ,සමාජ සේවා දෙපාර්තාම්න්තුවේ අධ්‍යක්ෂ චන්දන රණවීර ,අතිරේක අධ්‍යක්ෂතුමිය හා ,නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් ,වරකාපොළ ප්‍රාදේශිය ලේකම් රංගන සජීව ,වෝල්ටර් රාජපක්ෂ ,දිස්ත්‍රික් සමාජ සේවා නිළධාරි එච්.ආර්.එස්.රන්දෙණිය ,සමාජ සේවා නිළධාරි චන්දන දසනායක ,සමාජ සේවා නිළධාරි මංගල යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.

src="images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center2.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center3.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center4.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center5.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center6.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center7.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center8.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center9.png" alt="" />