කෘෂිකාර්මික තරුණ ව්‍යවසායකත්වය සංවර්ධන වැඩසටහන 2021 යටතේ කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහනක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල කෘෂිකර්ම අමාත්‍යංශයට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් සඳහා පැවැත්විණි.

කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතාගේ විශේෂ අවධානයක් මත ක්‍රියාත්මක වූ මෙම වැඩමුළුවේ දි කාබනික පොහොර නිපදවන ක්‍රියාවලිය, ව්‍යාපාරයක් ලෙස පොහොර නිෂ්පාදනය කිරිම ඇතුලු එම කේෂත්‍රයට අදාල කරුණු රැසක් පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දීම සිදු කෙරිණි.

එම වැඩසටහන ඊයේ (30) දවස පුරා පවත්වන ලද්දේ මාකඳුර තිරසර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ දි ය.
කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනි, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි යන මහත්ම මහත්මීන්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකවරුන් ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටිය හ.