කෑගල්ල දිස්ත්‍රික් විගණන කළමණාකරණ කමිටු රැස්වීම කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම කමිටු රැස්වීමේ දී රාජ්‍ය අංශයේ අභ්‍යන්තර විගණකවරුන් සඳහා කළමණාකාරණ විගණන දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දුන් අත්පොත දිසාපතිතුමන් වෙත පිලිගැන්වීම කළමණාකරණ විගණන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ ගයනි කාරියවසම් මහත්මිය විසින් සිදුකළා ය.
මෙහි දී කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකමි මහින්ද එස් වීරසූරිය මහතා සදහන් කළේ විගණන විමසුම්වලදි විගණන මුදල් වංචා පමණක් නොව රජයේ නිලධාරින් වශයෙන් අපේ නොසැළකිළිමත්භාවය හා නිසි අවධානයක් යොමු නොකිරිම හේතුවෙන් යම් පාඩුවක් හෝ අලාභයක් සිදුවුව හොත් එවැනි තත්වයක් වළක්වා ගැනිමට කටයුතු නොකිරිම වංචාවක් වන බව ද,ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවලදි එහි අරමුණ ඉටුවන අකාරයට සිදුවෙනවාද යන්න පිළිබඳවද අවධානය යොමු කිරිම අවශ්‍ය වන බවත ය.
මෙහිදි ගිණුම් කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිමේ ප්‍රගතිය පසු විපරම් කිරිම ,පසුගිය විගණන හා කළමණාකරණ කමිටු රැස්වීමේ සාකචිඡා වු කරුණු පසුවිපරම් කිරිම ,අභ්‍යන්තර විගණන කටයුතු පසුවිපරම ,විගණකාධිපති විගණන විමසුම් පසු විපරම ,නව විගණන විමසුම් ,විගණකාධිපති ත්රෛයිවාර්ෂික තත්ත්ව හා අභ්‍යන්තර විගණන උපදෙස් වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන )දිනීෂා එස්.රත්නායක ,සබරගමු පළාත් සහකාර විගණකාධිපති ජේ.සුනිල් ශාන්ත ,දිස්ත්‍රික් සැළසුම් අධ්යක්ෂ ඒ ඒ වීරකෝන් ,දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ටි.ඒ.පි කුසුම්සිරි ,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද ,ප්‍රධාන ගණකාධිකාරි ඩබ්ලිව්.ඒ.ඒ.සි.නිල්මල්ගොඩ යන මහත්ම මහත්මින්ද , සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ද ,ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ගණකාධිකාරිවරුන් ,සැළසුම් අධ්යක්ෂවරුන්ද ,දිස්ත්‍රික් විගණන අධිකාරි කේ .එම්.එච් අක්වත්ත ,අභ්‍යන්තර විගණන නිළධාරි කේ දිසානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගිවි සිටියහ.
























