බෞද්ධ ශාසනය නඟා සිටුවීම වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ඉදිරි කටයුතු විමසා බැලෙන දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය අද (17) වන දින පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
එම අවස්ථාවට අභිනවයෙන් තේරී පත්වූ වැඩමවා වදාළ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, ලෝක තරුණ භික්ෂු සංවිධානයේ මහ ලේකම්, මාතලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූඡ්‍ය මගුණුවෙල අනුද්ධ නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ ඈත ගම් දනව් සිසාරා කුඩාම තැනක පටන් බෞද්ධ පුනරුදයක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවය .තවද යුගයට ගැලපෙන තීන්දු තීරණ ගැනීම සිදුවිය යුතු බවත් නාමමාත්රික ලෙස දැනට ක්‍රියාත්මක බෞද්ධ සංවිධාන ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටම දක්වාම ක්‍රියාකාරී මට්ටමකින් පවත්වාගෙන යා යුතු බවත්ය.
මෙම දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල හමුවේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් තරගාවලිය පිළිබඳව දැනුවත් කෙරුණු අතර ඒ ඔස්සේ දරුවන්ගේ මානසික සුවතාව ,සිසු හැකියාව, සක්‍රීයව දහම් පාසල් ඇති කිරීම, දහම් පාසල් හා බල මණ්ඩල අතර බැඳීම වැඩි කිරීම හා අනු මණ්ඩල බලාත්මක කිරීම අපේක්ෂිත ය.
තවද සඟ සරණ, සිසු සරණ වැඩසටහන් ,අනුමැතියකින් තොරව ඉදිකරන නව විහාර මෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා බල මණ්ඩල සභාපති හා ලේකම් ස්වාමීන් වහන්සේ සම්බන්ධ කිරීම,ගුරු පුහුණු වැඩසටහන් ,දැනට පවත්වන 6 සිට 10 ශ්‍රේණිය දක්වා වූ ශ්‍රේණි විභාග 3, 4, 5 ශ්‍රේණි සඳහා ද පැවැත්වීම ,1 හා 2 ශ්‍රේණි සඳහා ප්‍රායෝගික ඇගයීම් ක්‍රම ඇති කිරීම යනාදී කාරණා පිළිබඳව මෙහිදී අදහස් පළ කෙරිණි.
මෙම අවස්ථාවට එක්වූ කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ ප්‍රාදේශීය සාසනාරක්ෂක බලමණ්ඩල සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මක් ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන්, නිලධාරීන් හා ස්වාමීන් වහන්සේ එකතුවෙන් ජනවාරි මස 31 ට පෙර ලබා දීමට ලබාදීමට කටයුතු කරන ලෙස ය. එසේම දැනට ඛේදවාචකයක් ව පවතින මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදා ගැනීමටත්, පවුල් සංස්ථාව බල ගැන්වීමටත් ශාසනාරක්ෂක බල මණ්ඩලවල සක්‍රිය දායකත්වය ලබාදීමට හැකි වපසරියක් සැකසිය යුතු බවත් ය .
දිස්ත්‍රික්කයේ සියලුම ශාසනාරක්ෂක බලමණ්ඩලවල ලේඛාධිකාරි හිමිවරුන් සඳහා පරිගණක ලබාදීම මෙහිදී සිහිපත් කෙරුණු අතර බෞද්ධ කටයුතු සමායෝජක තනතුර බෞද්ධ කටයුතු නිලධාරී ලෙස සංශෝධනය කිරීම මෙන්ම එම නිලධාරීන්ගේ තනතුරු සතු අඩුලුහුඩුකම් පිළිබඳවද මෙහිදී යෝජනා ඉදිරිපත් විය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති පහත බුලත්ගම කෝරළ තුන ඇතුළු සතර කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, වෑවලදෙනිය සිරි මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ නායක ස්වාමීන් වහන්සේ, සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ,කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී ශ්‍රී සුදර්ශන විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දුනුකේවත්තේ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ප්‍රාදේශීය ශාසනාරක්ෂක ශාසනාරක්ෂක බල මණ්ඩලවල සභාපති හා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ ,ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශයේ නිලධාරීන්, බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.


























