කෑගල්ල දිස්ත්රික්කයේ ක්රියාත්මක වන අපනයන කෘෂි කලාප වැඩසටහන යටතේ අරනායක, මාවනැල්ල, රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලින් තෝරා ගත් ගම්මිරිස් වගාකරුවන් 40 දෙනෙක් හට සංකේතාත්මකව ගම්මිරිස් පැල හා වගාව සඳහා අවශ්‍ය උපකරණ ලබා දිම සහ කුළු බඩු නිෂ්පාදනයන්හි අගය එකතු කිරිමේ මධ්‍යස්ථාන දෙකක් සදහා අවශ්‍ය උපකරණ ලබා දම පසුගියදා මාවනැල්ල අඹ සෙවන හෝටල් පරිශ්‍රෙය්දී සිදු කෙරිණි .
ගොවීන් විසින් නිපදවනු ලබන ප්‍රථමික නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ගැළපෙන පරිදි, අගය එකතු කිරීම ඒකාබද්ධ ක්‍රියාවලියක් තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අදියර 2ක් යටතේ රට තුළ අපනයන නිෂ්පාදන ගම්මාන 5,000ක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්ති ප්රකාශය මඟින් සැලසුම් සකස් කර ඇත.
මේ යටතේ ගම්වල පවතින සම්පත්වල බහුලතාව අනුව ගමකට අවශ්ය නිෂ්පාදන තෝරාගනු ලබන අතර, ඒ අනුව ගොවීන්ට අවශ්ය අරමුදල් පහසුකම්, තාක්ෂණය, කාර්යක්ෂම සම්පත් භාවිතය, ගොවිපොළ කළමනාකරණය, අස්වනු නෙළීම, ඇසිරීම හා ප්රවාහනය වැනි අංශවල පුහුණුවක් ලබා දීමටත්, ඔවුන්ට අවශ්ය දේශීය හා ජාත්යන්තර වෙළඳ පොළ අවස්ථා සඳහා ප්රවේශය ලබා දීමටත් සැලසුම් කරේ.
ඔරොත්තු දිමේ හැකියාව ඇති සහ ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයම ඇතුලත් ව්‍යාපාර පද්ධතියක් නිර්මණය කිරිමේ ව්‍යාපෘතිය යටතේ ජනතා සංවර්ධන පදනම හා oxfam ආයතනයයේ දායකත්වය මත මෙම වැඩ සටහන පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින් ද එස් වීරසූරිය මහතා, අරනායක මාවනැල්ල , රඹුක්කන ප්‍රාදේශිය ලේකම්වරුන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද මහතා, අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ, ජනතා සංවර්ධන පදනම හා oxfam ආයතනයයේ නිලධාරින්, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකාරක ඇතුළු රාජ්‍ය නිලධාරි පිරිසක් මේ අවස්ථාව එක් විය.






















