කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන මාර්ග සංවර්ධන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනය විමසා බැලෙන හමුවක් අද (22) දින පෙරවරුවේ දි වැවිලි කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
මෙහි දී කෑගල්ල , වරකාපොල, යටියන්තොට , අරණායක, රුවන්වැල්ල, ගලිගමුව, මාවනැල්ල, දෙහිඹ්විට, යටියන්තොට , රඹුක්ක, බුලත්කොහුපිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල දැනට ක්‍රියාත්මක මාර්ග ව්‍යාපෘතීන් හි වත්මන් තත්වය හා දැනට ප්‍රමාද වි පවතින මාර්ග ආශ්‍රිතව පැන නැඟි ඇති ගැටලු පිලිබඳව ඒ ඒ අදාල ආයතන හා නිලධාරින් විසින් කරුණු පැහැදිලි කරන ලදි.
ඒ අනුව දිස්ත්‍රික්කයේ දැනට සිදු කෙරෙන මාර්ග ව්‍යාපෘති රැසක් 2022 වසරේ පෙබරවාරි 28 වන දිනට හා මාර්තු මස 31 වන විට ජනතා අයිතියට පත් කිරිමට නියමිත බව ප්‍රකාශ විය.
මෙම අවස්ථාවට රාජය අමාත්‍ය තාරක බාලසූරිය, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ,කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) දිනීෂා එස් රත්නායක මහත්මිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමිය යටිතල පහසුක්ම, සංචාරක හා ක්‍රීඩා , යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් බී.ඒ.සී.ඩී බමුණුආරච්චි, මර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂක කේ.එම් තිලකරත්න යන මහත්වරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන්, මාර්ග සංවර්ධන ආශ්රිත ආයතනවල නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.






















