විදේශගතව රැකියා කරන ශ්‍රමිකයින්ගේ එතෙර ශ්‍රමයට මෙතෙරින් ලබා දිය හැකි අත්වැල ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහාත්, නිසි පුහුණුවකින් යුත් සුදුසුකම් සහිත පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියා සදහා යොමු කිරීම පිළිබඳවත් ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දැනුවත් කිරීමේ දිස්ත්‍රික් වැඩසටහනක් අද (22) පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
මේ වන විට ඊශ්‍රාලය, ජපානය, දකුණු කොරියාව ,රුමේනියාව මෙන්ම අරාබි රටවල් හා යුරෝපා රටවල් සදහා පුහුණු ශ්‍රමිකයන්ගේ දැඩි අවශ්‍යතාවයක් පවතී . එම තත්වය මග හරවා ගැනීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණය මාත්‍යාංශය මේ වන විට ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර ඇත .
මෙම අවස්ථාවට එක්වූ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමෙන් සහය ඇතිව විධිමත් ශ්‍රමික පිරිසක් විදෙස් ගත කිරීමට කටයුතු කරමින් පවතින බවය .තවද රටක තිබෙන විදේශ සංචිත ප්‍රමාණය මත එම රටේ ආර්ථිකය තීරණය වන අතර එම සංචිත ඉහළ නැංවීමට ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙන දායකත්වය සුළුපටු නො වන බවය .
ඊශ්‍රාලය සඳහා පුහුණු නිවාස පාදක සාත්තු සේවක අවස්ථා විශාල ප්‍රමාණයක් පවතින අතර සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්ම ඒ සඳහා 10 දෙනෙකු බැගින් තෝරාගෙන නිසි භාෂා හා පුහුණුවක් ලබාදී එම රැකියා සඳහා යොමු කිරීමට ඉදිරියේදී නියමිතය .තවද දකුණු කොරියාවේ ඉදිකිරීම්, නිෂ්පාදන හා ධීවර යන අංශ සඳහා ද බේකරි නිෂ්පාදන, වාහන නඩත්තු සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා රටවල් රැසකින් ලැබී ඇති බවද මෙහිදී අනාවරණය විය .
කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහිදී කියා සිටියේ රටේ පවතින රැකියා ප්‍රශ්නයට තිරසාර විසඳුමක් වන මෙම පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම හා විදෙස්ගත රැකියා සඳහා යොමු කිරීම ඉතා කාලෝචිත වන බවය. දිස්ත්‍රික් නිපුණතා කමිටු හරහා ද ඉදිරියේ දී මේ සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බව කී දිසාපතිතුමා පාසල් හැර යන පිරිස් සදහා මෙම රැකියා පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම ඒ සඳහා යොමු කරවීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් අවධානය යොමු කළ යුතු බව ද සඳහන් කළේය .එසේම පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීමට තම දිස්ත්‍රික්කය තුළ අවශ්‍ය පහසුකම් සැපයීමට තමන් සහාය වන බවද වැඩිදුරටත් පැවසීය .
මෙම හමුවේ දී විදේශ රැකියා කොට නැවත මෙරටට පැමිණෙන ශ්‍රමිකයන්ට මෙරටදී ස්වයං රැකියා ඇති කිරීම සඳහා ව්‍යාපාර සැලසුම් පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම ඒ පිළිබඳ නිරතුරු අවධානය යොමු කිරීමට 2022 වසරේ දී නව වැඩසටහන් අරඹන බව සඳහන් විය. තවද භාෂා පුහුණුව ලබාදීම සඳහා සම්පත් දායකයන් ලබා ගැනීම හා ඒ සඳහා ශාලා පහසුකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ලබාදීම, තම රැකියාවෙහි පළපුරුද්ද හා අත්දැකීම් පමණක් ඇති අය සඳහා විධිමත් සහතිකයක් නිකුත් කිරීමේ ක්‍රමවේද, විදේශ රැකියා පොළක් පැවැත්වීම, NVQ3 සහතිකය ලබා දීම සඳහා වූ දින 45 පුහුණු වැඩසටහන් ,අන්තර්ජාලගත රැකියා බැංකුවල ලියාපදිංචි වීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කෙරිණි .
විදේශගත රැකියා කරන ශ්‍රමිකයින්ගේ මෙරට පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් 09 දෙනෙකු සඳහා රුපියල් 5000 ක ශිෂ්‍යාධාර ලබාදීම ද මෙම අවස්ථාවට සමගාමීව සිදු කෙරිණි .
විදේශ රැකියා රාජ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී රසික ජයසිංහ, සබරගමු පළාත් විදේශ රැකියා අමාත්‍යාංශය ජේෂ්ඨ කළමනාකාර ඩබ්ලිව්. ලීලාරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම්( පාලන) චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල් ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ,දිස්ත්‍රික් විදේශ රැකියා නිලධාරී ලෙස්ලි උඩුමුල්ල මහතා හා විදේශ රැකියා නිලධාරීන්, නිපුණතා සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ .


























