අති විශිෂ්ට සාහිත්‍ය කලාවක් හා සංස්කෘතික උරුමයකට හිමිකම් කියන කෑගලු දිසාවේ ලේඛන, නර්තන, සංගීත,කාව්‍ය හා කලා නිර්මාණ කේෂත්‍රයන්හි විස්කම් පෑ දුවා දරුවන් හා කලාකරුවන් ඇගයෙන කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය , සූ සැට කලාවක කෑගලු ප්‍රත්‍යාවලෝකනය ,කලා විභාෂි - 2021 හෙට ප.ව 2.30 ට කෑගල්ල විද්‍යාලයේ දී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර ඇත.
මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් හා කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගී වීමට නියමිතයි.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සංස්කෘතික දෙපාර්තමේන්තුව හා සබරගමු පළාත් සභාව එක්ව මෙම උළෙල සංවිධානය කරයි.

















