වැවිලි අමාත්‍යාංශය හා සමෘද්ධි අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන දිළිඳු කුඩා තේ වතු හිමියන් 6000 ක් සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභින් 100 දෙනෙකු සඳහා චෙක්පත් හා උපකරණ ප්රදානය කිරීම වැවිලි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් අද (30) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ මේ වනවිට කුඩා තේ වතු හිමියන් තම දලු අස්වැන්නෙන් පමණක් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බවයි.මෙම වැඩසටහන තුළින් තේ දලු නිෂ්පාදනයේ එලදායිතාවය වර්ධනය කිරීමට මෙන්ම අමතර ආදායම් මාර්ගයක් වශයෙන් කුකුල් පාලනය, මීමැසි පාලනය හා බිම්මල් වගාව සඳහා ප්‍රතිලාභින්ට හැකිවන බවයි. ඒ සඳහා මූල්‍යමය වශයෙන් හා උපකරණ ලබාදීමට කටයුතු කර තිබෙන බවයි.මේ තුළින් පවුලේ ආර්ථිකය ශක්තිමත් වන අතරම ජාතික ආර්ථිකය ඉහළ නැංවීමට ද හැකිවන බවයි.
මෙම වැඩසටහනෙහි ප්‍රතිලාභින් වශයෙන් දැනටමත් තේ වගාවේ නියැලී සිටින හා 2022 වර්ෂයේ දී තේ වගාවේ නියැලීමට අපේක්ෂා කරන පිරිසක් තෝරා ගෙන තිබුණු අතර කෑගල්ල දිස්ත්‍රික් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් මෙය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට කෑගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් ජයසිංහ මහතා ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කළමණාකාර ධම්මික හබරකඩ මහතා ඇතුලු නිළධාරින් හා ප්‍රතිලාභීන් පිරිසක් එක්ව සිටියහ.


























