විදේශ සේවයේ යෙදෙන පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා මුල්‍ය සාක්ෂරතාවය හා අවිධිමත් මුල්‍ය ගනුදෙනු වලින් ආරක්ෂා වීම පිළිබදව විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (18) පෙරවරුවෙිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපතිතුමන් මේ අවස්ථාවට එක් වෙමින් පවසා සිටියේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හරහා විගමික පවුල් වල සාමාජිකයින් දැනුවත් කිරිමේ විශාල කාර්ය භාරයක් ඇති බවයි. එමෙන්ම මේ වන විට රටේ පවත්නා විනිමය හා ඩොලර් අර්බුධය හමුවේ විධිමත් ලෙස මුදල් භාවිතය කෙරෙහි මුල් තැනක් ලබා දිය යුතු බවත්ය.
විදෙස් ගත වන ශ්‍රමිකයන්ගේ මුල්‍ය සාක්ෂරතාවය අවම මට්ටමක පවතිනවා සේම එම පවුල් වල පිරිස් ද මුදල් භාවිතා කිරිම් පිළිබඳව දැනුවත් කිරිම අවශ්‍යතාවයකි. මෙවැනි නිලධාරීන් හරහා එම පවුල් දැනුවත් කිරිම් මගින් අව්ධිමත් ක්‍රම ඔස්සේ මුදල් එවිමටද විසදුමත් ලබා ගත හැකිය.
විගමික ශ්‍රමිකයින්ගේ මුල්‍ය ශාක්ෂරතාවය නගා සිටුවන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රි ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශිය කාර්යාලයේ වතුර මහතා විසින් සම්පත් දායකත්යට ලබා දෙමින් විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරිම මෙහිදි සිදු කෙරිණි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් විදේශ රැකියා සංවර්ධන නිලධාරි හරීන්ද්‍ර උඩුමුල්ල මහතා විසින් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ෂණි මහත්මීන් ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය නිලධාරීන් ඇතුලු පිරිසක් එක් විය.





















