කලාකරුවන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරිම සංස්කෘතික නිලධාරීන්ගේ වගකීම විය යුතු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ ය.


කෑගල්ල දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ දිස්ත්‍රික් සංස්කෘතික අංශය මඟින් සංවිධානය කල දිස්ත්‍රික් විශේෂ සංස්කෘතික බල මණ්ඩල රැස්විම ඊයේ ( 19) දින පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවති හමුවේ දී ය.


කලාව හා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා කලාකරුවන්ගේ සුභසාධන , දිරි ගැන්වීම් හා හැකියාවන් ඇගයීමට ලක් කිරිම තුලින් හැකි වන බව ද , ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා තිබෙන කලායතන සම්බන්ධ කර ගනිමින් ග්‍රාමිය කලා කව පිහිටුවීමට කටයුතු කරන බව ද දිසාපතිවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.


ඒ අනුව 2022 වර්ෂය තුල දි ක්‍රියාත්මක කිරිමට යෝජිත අනු මණ්ඩල හයකි. එනම් ලේඛක, චිත්‍ර, සංගිත, නාට්‍ය , නර්තන හා විශේෂ කලාංග වශයෙනි.ඒ තුලින් අපේක්ෂිත ඉලක්කය වන්නේ ඒ ඒ කේෂත්‍රවලට සම්බන්ධ දිස්ත්‍රික් හා ජාතික මට්ටමේ ප්‍රවීණ කලාකරුවන් දායක කර ගනිමින් කලා හැකියාවන් ප්‍රගුණ කිරිම සඳහා විවිධ වැඩසටහන් පැවැත්වීමයි.


මෙම අවස්ථාවට දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ ලේකම් සුනිල් ගම්ලත්, දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනී පද්මිණී වික්‍රමලතා මහත්මිය ඇතුලු එම අංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින සංස්කෘතික නිලධාරීන් ,පළාත් සභා සංස්කෘතික නිලධාරීන්, ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩල නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.