‘ගම සමඟ පිළිසඳර වැඩසටහන’ -2022 අදාල ප්‍රගතිය විමසා බැලීමේ හමුවක් අද (27) දින පෙරවරුවේ දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


ඒ අනුව ‘ගම සමඟ පිළිසඳර’ -2022 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරිම දීප ව්‍යාප්තව ආරම්භ කිරිම පෙබරවාරි මස 03 වන දින පෙ.ව 8.52 ට යෙදෙන සුභ මොහොතින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම තුල දේශපාලන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරින් එක්ව සිදු කෙරේ.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී යන මහත්මීන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.