74 වෙනි ජාතික නිදහස් දින සැමරුමෙහි කෑගල්ල දිස්ත්රික් උත්සවය පෙබරවාරි මස 04 වන දින පෙරවරුවේ දී කෑගල්ල නිදහස් මාවතේ දි ඉතා චාමි හා විචිත්රවත් අයුරින් පැවැත්විමට කටයුතු සංවිධානය කරමින් පවතී. එහි ප්රගතිය විමසා බැලෙන දෙවන ප්රගති සමාලෝචන හමුව අද (27) වන දින පෙරවරුවේ දී දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් දිස්ත්රික් ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේ දි පැවැත්විණි.
ඒ සඳහා අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකොන්, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක, සහකාර දිස්ත්රික් ලේකම් මල්ෂා එල් ප්රියදර්ශනී, කෑගල්ල ප්රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, ඒ ඒ වගකීම් ලබා දි ඇති අදාල රාජ්ය ආයතනවල නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.





















