ආහාර සුරක්ෂිතතාවයක් , අලුත් ආදායම් උත්පාදනයත්, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයත් ප්රමුඛ තවත් ප්රතිලාභ රැසක් අරමුණු කර ගත් ගම සමඟ පිළිසඳර - අය වැයෙන් වැඩ ලක්ෂයක් ජාතික වැඩසටහන 2022 අද දින (03) පෙ.ව 8.52 ට යෙදුනු සුබ මොහොතින් දිවයින පුරා ආරම්භ කෙරිණි.
ඊට සමඟාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ වැවිලි රාජය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රඹුක්කන , දොඹේමඩ කණිෂ්ඨ විද්‍යාලයේ අඩුපාඩුවක්ව පැවති පැති බැම්ම හා ප්‍රධාන ගේට්ටුව ඉදිකිරීමට කටයුතු කිරිම සුබ මොහොතින් සිදු කෙරිණි. එම අවස්ථාවට සමඟාමීව ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතින්ට අදාල ප්‍රතිලාභීන් පිරිසකට චෙක්පත් ප්රදානයක්ද සිදු කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරිම කෑගල්ල රාජකීය විද්‍යාලයේ දි කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතින් සිදු කෙරිණි.එම විද්‍යාලයේ පැති බැම්මක් ඉදි කිරිම සඳහා එහි දි මූලික වැඩකටයුතු ආරම්භ කෙරිණි.
ඉහත අවස්ථාවන් සඳහා කෑගල්ල නගරාධිපති ජී.කේ සමරසිංහ, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත යන මහත්වරුන් ද , ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.
මීට සමඟාමිව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරී වසම් 573ක සංවර්ධන වැඩසටහන් අදට යෙදුනු සුභ මොහොතින් දේශපාලන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 4011ක් සඳහා රුපියල් මිලියන 760ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්ව ඇත. මිලියන 3825ක් 2022 වසර සඳහා සමස්ත දිස්ත්‍රික්කයටම වෙන් කෙරේ. ජනතාවගේ ජීවන තත්වය උසස් කරමින් රටේ සංවර්ධන ක්‍රියාදාමය වේගවත් කිරිම මෙහි ප්‍රධාන අරමුණ වෙයි.






























