දිස්ත්‍රික් හා ප්‍රාදේශිය වැඩිහිටි බල මණ්ඩලවල වැඩිහිටියන්ගේ සුභසාධනය සඳහා විශාල මෙහෙයක් කල සභාපති, ලේකම් හා සාමාජිකත්වය දැරූ දැනට ජිවතුන් අතර නොමැති වැඩිහිටියන්ට පින් අනුමෝදන් කිරිම හා ජීවත්ව සිටින වැඩිහිටිටන්ට නිදුක් නිරෝගී සුවය පතා ධර්ම දේශනාවක් හා දානමය පින්කමක් පසුගියදා කෑගල්ල වෑවලදෙණිය විහාරස්ථානයේ දී පැවැත්විණි.


එම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් වැඩිහිටි නිලධාරිනී ඩිලානි කුමාරී යන මහත්මීන් ඇතුලු දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලවල සාමාජිකයින් පිරිසක් එක්ව සිටිය හ.