දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමයේ පුස්තකාලය සඳහා දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ධන පරිත්‍යාගයෙන් පොත් කට්ටල පිරිනැමිමක් අද (21) දින පෙරවරුවේ දි සිදු කෙරිණි.


කියවීමේ පුරුද්ද කාර්යාල නිලධාරින්‌ගේ වැඩි දියුණු කිරීම අරමුණ කර ගනු වස් ලබා දුන් එම පොත් අතර කෙටි කථා, නව කථා ,කවි පොත්, ළමා කතා,විචාර පොත් මෙන්ම පරිවර්තන ඇතුලු පොත් රාශියකින් සමන්විත විය.


එම අවස්ථාවට පුස්තකාල භාර සංවර්ධන නිලධාරීනී ලිතිණි වීරකෝන්, අනුරාධා නුගවෙල යන මහත්මීන් එක්ව සිටිය හ.