කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින්ගේ ආකල්ප වර්ධනය කිරිමේ පුහුණු වැඩසටහනක් අද (23) දින පෙරවරුවේ දි කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
නායකත්ව හා සහභාගිත්ව ආකල්ප වර්ධනය කිරිම තුලින් ජාතික සංවර්ධනයට ඉහල දායකත්වයක් ලබාගැනිම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වන බව මෙම අවස්ථාවට සහභාගිවු සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්.ප්‍රියදර්ශණි මහත්මිය සඳහන් කළේය.
මෙහි සම්පත් දායකත්වය ශ්‍රි ලංකා යුධ හමුදාවේ 9 වැනි බල ඇණියේ පුහුණු උපදේශක බාහිර කතිකාචාර්ය මේජර් ප්‍රේමලාල් දේශප්‍රිය මහතා විසින් ලබාදිම සිදුකර තිබිණි.






















