ළමා හිමිකම් ප්‍රවර්ධන හා ළමාරක්ෂක නිලධාරින්ගේ ද්වි මාසික දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන සාකච්ඡාව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි අද ( 25 ) දින පෙරවරුවේදි අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන ) චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.


මෙහිදි පසුගිය වර්ෂයේ පැවති කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද ළමුන් වෙනුවෙන් තම රාජකාරි කටයුතු නොපිරිහෙළා ඉටුකල ඔබ සියලු දෙනාට තම ස්තුතිය හා ප්‍රශංශාව හිමිවන බව අතිරේක දිස්ත්‍රික් ලේකම් චාරිතා ඉලංගකෝන් මහත්මිය ප්‍රකාශ කළාය.


තවදුරටත් ඇය සඳහන් කළේ කොවිඩ් වසංගත කාලය තුල නිවෙස් වල ගතකල දරුවන් මේවන විට සුපුරුදු ලෙස පාසල් යෑම ආරම්භ කර තිබෙන බැවින් ඔවුන්ගේ මානසික මට්ටම වඩාත් යහපත් කිරිම සඳහා දැනුවත් කිරිමේ වැඩසටහන් වල අවශ්‍යතාවය අවධාරණය කළාය.


මෙහිදි පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් 2021 ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් එළි දැක්වු නිම්තෙර සඟරාව පිළිගැන්වීම ද සිදුකෙරිණි.
මෙහිදි දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරිනි විනෝදනි කුලතුංග මහත්මිය විසින් ළමුන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ළමා සමාජ වැඩසටහන්,ආධාර වැඩසටහන් හා ප්‍රාදේශිය ළමා සභා ක්‍රියාත්මක කිරිම යනාදි වැඩසටහන් වල ප්‍රගතිය ද ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි රූපා කීරගල මහත්මිය විසින් ආධාර වැඩසටහන් ,ළමා සංවර්ධනය පිළබඳ ප්‍රාදේශිය මෙහෙයුම් කමිටුව ක්‍රියාත්මක කිරිම,ආදර්ශ ළමා ගම්මාන වැඩසටහන හා පෝෂණ ආධාර වැඩසටහන් වල ප්‍රගතිය ඉදිරිපත් කරන ලදි.


මෙම අවස්ථාවට ප්‍රාදේශි ලේකම් කාර්යාල වල ළමා හිමිකම් ප්‍රවර්ධන හා ළමාරක්ෂක නිලධාරින් සහභාගිවී සිටියහ.