දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල ගැටලු සම්බන්ධව ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් අද (02) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.


ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්යේ ක්‍රියාත්මක ජල සම්පාදන ව්‍යාපාති ලෙස විදේශ ආධාර මත ක්‍රියාත්මක ජල ව්‍යාපෘති, සැමට ජල වැඩසටහන, දේශිය අරමුදල් මත ක්‍රියාත්මක වන ජල ව්‍යපෘති (නැවත පදිංචි කිරිම), පාසල් සඳහා ජලය ලබා දීමේ වැඩසටහන්, ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක වන ජල ව්‍යාපෘති හඳුනා ගත හැකි ය.


මෙම හමුවේ දි සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ජල ව්‍යාපෘති සඳහා අවධානය ලබා දුන් අතර අදාල අංශ ඒකාබද්ධව බහුතරයක් වූ ව්‍යාපෘතීන් සඳහා දිගු කාලින මෙන්ම කෙටි කාලීන විසඳුම් ලබා දිමට කටයුතු කෙරිණි.


කෑගල්ල නගරය තුල පවතින නල ජල ගැටලු සඳහා වෙනම අධීක්ෂණයක් යටතේ ඒකාබද්ධ විසදුමක් ලබා දිමට ඉදිරි මාසවලදී විශේෂයෙන් කටයුතු කරන බව ද මෙහි දි ප්‍රකාශ විය.


මෙහි දි දැනට පවතින ව්‍යාපෘතින්වල නල ලබා ගැනීම හා නල එලීම සඳහා වෙන්ව ඇති ප්‍රතිපාදන, යම් යම් ඉඩම් අත්පත් කර ගැනිමට අදාල ගැටලු, නල එලීමේ දි යම් යම් ඇස්තමේන්තුගත මුදල් සම්බන්ධව ගැටලු, භුගත ජලය ආශ්‍රිත පස් හා කලු ගල් සම්බන්ධව පවතින ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය.
තව ද දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි නඩත්තු ඒකකයක අවශ්‍යතාව, සේවක ධාරිතාව වැඩි කිරිම, විදුලි බිඳ වැටිමවලදි ජලය සැපයිමට අවශය ජෙනරේටර් උපාංග අවශ්‍යතාව ඇතුලු නව යෝජනා ද මෙම හමුවට එක් කෙරිණි.


ඒ අනුව ජල සම්පාදන අමාත්‍යංශය, ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කරන ව්‍යාපාතීන්වල වත්මන් ප්‍රගතිය හා ඉදිරි වැඩසටහන් පිළිබඳ මෙහි දි සාකච්ඡා කල අතර 2025 වසර වන විට කෑගල්ල දිස්ත්‍රික්කය තුල 70% පමණ නල ජල සැපයුම් ව්‍යාප්ත කිරිමට අපේක්ෂා කෙරේ.


මෙම අවස්ථාවට වැවිලි කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, කලාපිය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභපතිනි රාජිකා වික්‍රමසිංහ, පාර්ලිමේන්ත් මන්ත්‍රී උදයකාන්ත ගුණතික, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශිය සභා සභාපතිතුමන්ලා ඇතුලු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියාන් බන්දු වික්‍රම, දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස් වීරසූරිය යන මහත්වරුන්. ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා ඒ ඒ කේෂත්‍රවලට අදාල නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.