දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් සම්බන්ධ වූ ප්‍රාදේශීය ලේකම් හමුව (08) වන දින පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම හමුවේ දී අපනයන කෘෂි කලාප, අපනයන සැකසුම් ගම්මාන, ප්‍රාදේශීය කර්මාන්තපුර ඉදි කිරිම, , සාම්ප්‍රදායික ගම්මාන, සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන, කාබනික පොහොර නිෂ්පාදනය, ග්‍රාමිය ක්‍රීඩා හා පාසල් ක්‍රීඩා පිටි, ආගමික සිද්ධස්ථාන සංවර්ධනය, ග්‍රාමිය කමිටු විධිමත් ලෙස ප්‍රතිව්‍යුහගත කිරිම, නිපුණතා උදානය 2022, ස්වයං රැකියා සඳහා කාන්තාවන් දිරි ගැන්විම, කාන්තා දින සැමරුම 2022, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල ඇතුලු ඉදිරි වැඩසටහන් ඇතුලු කරුණු ගණනාවක් පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.
මේ අතර ගම සමඟ පිළිසඳර වැඩසටහනට සමඟාමිව ගමට වැඩ ලක්ෂයක් ව්‍යාපෘතින්හි ඒ ඒ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ආරම්භ කර ඇති ව්‍යාපෘතීන්හි වත්මන් තත්වය විමසා බැලුනු අතර ඊට අදාල මිල දි ගැනීම් , ඇස්තමේන්තු ගත කිරිම්, ගිවිසුම් ගත විම් ඇතුලු කරුණු පිලිබඳව ද සාකච්ඡා කෙරිණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි යන මහත්ම මහත්මීන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.






















