පාසල් ළමුන් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කිරිම සම්බන්ධව දැනුවත් කිරිම, සදාචාරාත්මක මාධ්‍ය භාවිතය , නායකත්ව පුහුණුවක් ලබා දීම, ජීවන නිපුණතා ලබා දීම මඟින් ළමා අපයෝජනයන් අවම කිරිම මූලික අරමුණු කර ගත් පාසල් මාධ්‍ය සමාජ ජාතික වැඩසටහන - 2021 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන දීප ව්‍යාප්ත වැඩසටහකි.
ඊට සමඟාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා මාධ්‍ය සමාජ ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස රු.17,000.00 වටිනා උපකරණ ගලිගමුව මධ්‍ය විද්‍යාලය වෙත දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා විසින් ලබා දීම අද (14 ) දින පෙරවරුවේ දී සිදු විය.
එම අවස්ථාවට දිස්ත්‍රික් ලමා ආරක්ෂක නිලධාරි එච්.බී.සී කුලතුංග, හා මනෝ සමාජීය නිලධාරී ඩබ්ලව්.ඒ.සී. එල් බංඩාර යන මහත්මීන් , ගලිගමුව මධ්‍ය විද්‍යාලයේ සිසු දරුවෙකු හා ගුරු භවතුන් පිරිසක් එක්ව සිටිය හ.


















