කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි පත්වීම ස්ථීර කරන ලද නවක අභ්‍යන්තර විගණන සංවර්ධන නිලධාරීන් හට විගණන කටයුතු හා ඒ සම්බන්ධ විෂය පිළිබඳ අවබෝධය ලබා දිමේ අරමුණින් පුහුණු වැඩ සටහනක් අද (22) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
රජයේ ප්රතිපත්තීන් ක්‍රියාත්මක කිරිමේදී රජයේ ආයතනයන්හි වියදම සොයා බලමින් සම්පත් නාස්තිය අවම කිරිමට කටයුතු කිරිම විගණන නිලධාරීන්ගේ වගකීම බව මේ අවස්ථාවට එක් වෙමින් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසිය.
සංවර්ධන ව්‍යාපෘති පරික්ෂාවන් සිදු කල යුතු ආකාරය දිස්ත්‍රික් ඉංජිනේරු එම්. එස්. ඩබ්. විමලචන්ද්‍ර මහතා විසින් පැහැදිලි කිරිම සිදු කල අතර අභ්‍යන්තර විගණන වැඩසටහන් හා කාර්යාල ක්‍රියාකාරකම් පිළිබද අභ්‍යන්තර විගණන පරික්ෂාවන් සිදු කල යුතු ආකාරය පිළිබද පැහැදිළි කිරිමක් විශ්‍රාමික අභ්‍යන්තර විගණක පී. ඩී. ඒන්. ආර්. කරුණාරත්න මහතා විසින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී , ප්‍රධාන අභ්‍යන්තර විගණන ඩබිලිව්. ටි. අයි. ජයවර්ධන යන මහත්මින් , දිස්ත්‍රික් අභ්‍යන්තර විගණන අංශයේ නිලධාරීන් , ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි නවක අභ්‍යන්තර විගණන සංවර්ධන නිලධාරීන් ඇතුලු පිරිසක් එක් වූහ.


















