කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ පුර්ණ මග පෙන්විම හා අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් සංතික අංශය මඟින් සංවිධානය කළ රාජ්‍ය නර්තන උළෙලේ දිස්ත්‍රික් මට්ටමේ තරඟ 2022 මාර්තු මස 20 වන දින කෑ/රාජකීය මහා විද්‍යාලයේ දි දවස පුරා සාර්ථකව පැවැත්විණි.


මෙහි දී ජාතික මට්ටමේ තරඟ සඳහා දිස්ත්‍රික්කයේ නර්තන කණ්ඩායම් කිහිපයක් සුදුසුකම් ලැබී ය.ඒ අතරට උඩරට නර්තන ශ්‍රාස්ත්‍රීය කාන්තා (අස්නෙ නර්තනය) පාසල් ප්‍රථම ස්ථානය ද, කෑ/ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය ද, උඩරට නර්තන ඒකල කාන්තා පල වැල දාන අංශයේ ප්‍රථම ස්ථානය තත්සර කලා සංසදය ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද, තෙයිලයි කොලොන්දු නාඩගම් (සමුහ දමිල නර්තනය) කලායතන අංශයේ ප්‍රථම ස්ථානය රුවන්වැල්ල ශාස්ත්‍රීය කලායතනය ද, නිර්මානාත්මක සමූහ නර්තනය ප්‍රථම ස්ථානය බුලත්කොහුපිටිය අම්පාගල සරස්වතී කලායතනය ද, සමූහ ජන නැටුම් ප්‍රථම ස්ථානය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය ද, උඩරට නර්තන ඒකල පිරිමි නර්තන ප්‍රථම ස්ථානය වරකාපොල සංඛ කලායතනය විසින් ද ලබා ගන්නා ලදී.


එසේම පහතරට බෙර වාදන කාන්තා (විවෘත) ප්‍රථම ස්ථානය එච්.එම්.ඩී.ජී ගුණරත්න මෙනෙවිය ද , උඩරට මඟුල් බෙර වාදන ඒකල පිරිමි (විවෘත) ප්‍රථම ස්ථානය එන් .පී.ඉන්දික ප්‍රසාද් කුමාර මහතා විසින් ද හිමි කර ගන්නා ලදී. ඒ අනුව ජයග්‍රහනය ලැබූ තරඟකරුවන් ජාතික නර්තන තරඟ සඳහා ඉදිරිපත් විමට නියමිත යි.