ප්රමුඛ සනීපාරක්ෂක විසඳුම් හඳුනා ගැනීම සහ ආයෝජන ප්රශස්ත ලෙස භාවිත කරමින් පියවර වශයෙන් සුරක්ෂිත සනීපාරක්ෂක ඉලක්ක ළඟා විම අරමුණ කර ගත් කෑගල්ල දිස්ත්‍රික් සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රධාන සැලැස්ම පිළිබඳ දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද (25) පෙරවරුවේ දී දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
2020 වසර වන විට ස්ථානිය සනීපාරක්ෂක පහසුක්ම් 91.50% කද, නල මළාපවාහන පද්ධති 2% ක්ද, වෙනත් සනීපාරක්ෂක පහසුකම් ( පවුල්, පොදු, මහජන, වැසිකිළි) 5.40% ක්ද, පෝච්චි වැසිකිළි/තාවකාලික/ එළිමහන් මළපහ කිරිම 1% ක් ද වශයෙන් දිවයින පුරා දැනට පවතින සනීපාරක්ෂක ආවරණව පවතී.
භුගත හා මතු පිට ජලය දුෂණය වන ප්‍රධාන ස්ථාන ලෙස රෝහල් හා වෛදය ආයතන, පාසල්, උසස් අධ්‍යාපන හා තාක්ෂණික පුහුණු ආයතන, බන්ධනාගාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන, නිවාස සංකිර්ණ, කර්මාන්ත, කලාප, පුර, උද්‍යාන හා මහජන වැසිකිළි හඳුනා ගෙන ඇත. කෑගල්ල දිස්ත්‍රික්කය තුල ඒ අනුව රෝහල් හා වෛද්‍ය ආයත 60ක්, පාසල් හා අධ්‍යාපන ආයතන 524ක්, බන්ධනාගාර 01ක් හා කර්මාන්ත කලාප 01 ක් වශයෙන් හඳුනා ගෙන ඇත.
ඒ අනුව 2021 – 2030 යන වසරන් තුලදී සෞභාග්යෙය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් සැමට ජලය ලබා දීමේ වැඩසටහනට අදාලව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සැලැස්ම යටතේ 2021 – 2025 වසර තුල දි නිවාස 6834ක් සඳහා නව වැසිකිළි ඉදි කිරිම, නිවාස 62, 579ක් සඳහා පවතින සෙප්ටින් ටැංකි වැඩි දියුණු කිරිමට ද, 2026 – 2030 වසර තුලදි නව වැසිකිළි 4958ක් හා සෙප්ටින් ටැංකි වැඩි දියුණු කිරිම් 3,478ක් ඇති කිරිමට අපේක්ෂිත ය.
තව ද මල අපද්‍රව්‍ය පවිත්‍රකරණ මධ්‍යස්ථාන ඉදි කිරීමේ සැලැස්ම යටතේ දැනට ක්‍රියාත්මක කෑගල්ල රුවන්වැල්ල පවිත්‍රකරණ මධ්‍යස්ථානවලට අමතරව මාවනැල්ල, ගලිගමුව හා යටියන්තොට ආශ්‍රිතව නව මල අපද්‍රව්‍ය පවිත්‍රකරණ මධ්‍යස්ථාන ඉදි කිරීමට ද යෝජනා ඉදිරිපත් විය.
ඒ අනුව 2025 වන විට දිස්ත්‍රික්කයේ පානිය ජල නල අවශ්‍යතාවය 80%ක් පමණ සපිරිමට අපේක්ෂිත අතර එම පහසුකම් සැලසීම මෙන්ම අප ජලය කලමනාකරණය කිරිමේ අවශ්‍යතාවය ද මෙම හමුවේ දි සාකච්ඡා කෙරිණි. මෙහි දී සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රධාන සැලැස්ම 2021- 2030 දිසාපතිතුමන්ට ඇතුලු නිලධාරින්ට පිළිගැන්වීම ද සිදුකෙරිණි.
මීට සමඟාමිව ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වැසිකිළි වැඩසටහන (WaSSIP) වැඩසටහනෙහි ප්‍රගතිය විමසා බැලීම ද සිදු විය. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි වසම් 329ක ව්‍යාපෘති 4028ක් ක්‍රියාත්මක වේ. කෑගල්ල 506ක්, වරකාපොල 293, අරණායක 241, මාවනැල්ල 283ක්, ගලිගමුව 716ක්, දැරණියගල 604ක්, බුලත්කොහුපිටිය 198ක්, දෙහිඕවිට 252ක්, රඹුක්කන 109 ක්, රුවන්වැල්ල 390ක්, යටියන්තොට 430 ක් වශයෙන් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැසිකිළි ඉදි කරිම් කටයුතු සිදු වන අතර එම ව්‍යාපෘතින්හි වත්මන් කටයුතු පිලිබඳ මෙහි දි දීර්ඝව සාකච්ඡා කෙරීණි.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා සභාපතිවරුන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, ජල සම්පාදන අමාත්‍යංශයේ ජල පිලිිසැකසුම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමන්, ,දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ වීරකෝන් යන මහත්ම මහත්මින්,ප්‍රාදේශීය ලේකම්වරුන්, කෑගල්ල ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරීතුමන්, (WaSSIP) ව්‍යාපෘතියෙහි අධ්යක්ෂතුමන් ඇතුලු නිලධාරීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සැලසුම් අධ්යක්ෂවරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.

























