සුවහසක් ජනතාවගේ කලා රසය ඉස්මතු කිරිම සඳහා කැප වන කලාකරුවන්ගේ සමාජ ආරක්ෂණය සුරක්ෂිත කරමින් ඔවුනගේ වර්තමානය හා අනාගතය වඩාත් සුරක්ෂිත කිරිම සඳහා ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරයි. ඒ අනුව දිස්ත්‍රික්කයේ තෝරා ගත් කලාකරුවන් සඳහා රක්ෂණ ඔප්පු පිරිනැමීම අද (28) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව ඇමතූ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. විරසූරිය මහතා ප්‍රකාශ කළේ බහුතරයක් කලාකරුවන් හැකි කාලය තුල යහමින් ආදායම් ඉපයීමට කටයුතු කළ ද තම විශ්‍රාම දිවිය තුල දි ස්ථාවර ආර්ථික මට්ටමක් සහිතව ගත කිරිම සඳහා ඇති හැකියාව අඩු කරගන්නා බවයි.එම නිසා මෙම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය ඔවුනගේ ජීවිත අභිවෘද්ධිය සඳහා මහත් පිටිවහලක් නව බව ය. තව ද සතුටින් තම දිවියේ සැදෑ සමය ගත කරන සමාජයක් ඇති කිරිමට අවශ්‍ය පහසුකම් සැපයිම රාජ්‍ය නිලධාරින්ගේ වගකිමක් වන බවද දිසාපතිවරයා මෙම අවස්ථාවට එක් වෙමින් වැඩි දුරටත් පැවසි ය.
රජයේ ‘සෞභාග්‍යෙය් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් ක්‍රියාත්මක ‘සෞභාග්‍යා සතියට’ සමඟාමිව මෙම වැඩසටහනේ දී සංකේතාත්මක කලාකරුවන් 10 දෙනෙකු සඳහා අද දින රක්ෂණ ඔප්පු ප්‍රදානය කළ අතර කලාකරුවන් 50 දෙනෙකු ආරක්ෂණ මණ්ඩලයේ නව සාමාජිකත්වය ලබා ගන්නා ලදි .
ජේයෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරීනි එස් .හේරත් මහත්මිය ඇතුලු දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ අංශය මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී යන මහත්මින්, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිතුමන්,දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ නිලධාරින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික නිලධාරීන්, සමාජ ආරක්ෂණ නිලධාරීන්, කලාකරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.



























