පසුගිය කාල වකවානුව තුල අරාජිකව පැවති කෑගල්ල දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය යළි පුබුදුවාලීම සඳහා වත්මන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතා විසින් අනගිභවනීය කාර්යභාර්යක් ඉටු කර ඇති බවට හේතු කාරණාවන් බොහෝ ය.
ඒ අනුව නවීකරණය කරන ලද දිවා සුරුකුම් මධ්‍යස්ථානයක්, සහන පොත් හලක් , සුභ සාධන අලෙවිසලක්, පෙර පාසල් ගුරු විවේකාගාරයක්, නවීකරණය කරන ලද සමස්ථ විදුලි ආලෝකකරණ පද්ධතියක්,දහම් සෙවන මන්දිරයක්, බුදු මැදුරක් හා බෝ මළුවක් යනාදි අංග ප්‍රතිසංස්කරණය කරමින් දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරනු ලබන සංගමයක් බවට පත් වෙමින් පවතී.
තව ද 2022 වර්ෂය සදහා වූ මහා සභා නිලවරණයේ දී නවක නිලධාරි මණ්ඩලයක් පත් වුනු අතර ඒ අනුව සභාපති වශයෙන් නිතිඥ ආර්.ඒ.පී රණතුංග, ලේකම් ලෙස සංජීව රණසිංහ, භාණ්ඩාගාරික ලෙස ජී.දර්මදාස යන මහත්වරුන් පත් වූ අතර ඔවුනට උණුසුම් සුභ පැතුම් එක් කරන්නෙමු .

























