කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ ළමුන්ගේ හා කාන්තාවන්ගේ සුභසාධනය හා පවතින ගැටලු පිළිබඳ අදාල නිලධාරින් සමඟ සාකච්ඡා කෙරුණු දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුව අද (30) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
2022 හා 2021 වසරවලදි කරන ලද සමීක්ෂණයන්ට අදාලව දිස්ත්‍රික්යේ ළමා අපචාර පිළිබඳ මෙහි දි තොරතුරු ප්‍රකාශ වුනු අතර අනෙකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කෑගල්ල දිස්ත්‍රික්කය තුල ළමා අපචාර වර්ධනය වි ඇති බව ද ප්‍රකාශ විය.තව ද 2021 වසර තුල දී ළමා අපචාර සිදුවීම් 153ක් වාර්තා වි ඇති අතර මේ වසරේ මේ දක්වා සිදුවීම් 34ක් වාර්තා වි ඇති බව ය මෙහිදී අනාවරණය විය .
වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආරක්ෂිත පරිසරයක් ලබා දීම,වින්දිතභාවය නැවත නැවත ඇති විම අවම කිරිම, ජීවන තත්වය යථාතත්වයට පත් කිරිම, අවධානම් සහගත දරුවන් හඳුනා ගැනීම , තවදුරටත් අපචාර ඇති විම අවම කිරීම හා නීතිමය තත්වය පිළිබඳ දැනුවත් කිරීම ළමා අපචාර අවම කිරිම සඳහා බෙහෙවින් වැදගත් බව මෙහි දි අනාවරණය විය.
කාන්තා හා ළමා අපචාර අවම කිරිම සඳහා එක් පාර්ශවයක් පමණක් ක්‍රියා කිරිම අර්ථවිරහිත බවත්, මෙම සංවේදී විෂය ආවරණය කිරිම සඳහා රාජ්‍ය නිලධාරීන් තම උපරිමය කළ යුතු බවත් මෙහි දි දිසාපතිවරයා ප්‍රකාශ කළේ ය.
ළමුන්, දෙමාපියන් හා සමස්ත සමාජයම ළමා හා කාන්තා හිංසනය පිළිබඳ දැනුවත් විම අතිශය වැදගත් බවත් විදේශගත වන දෙමාපියන්ගේ දරුවන්, පවුල් පසුබිම අස්ථාවර වූ දරුවන්, විශාදය, සාංකාව වැනි මානසික මට්ටම් ඇති දරුවන් හා අන්තර්ජාලය බහුල ලෙස භාවිත් කරන දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද මෙහි දි කියැවිණි.
අපචාරයන්ට ලක් වන දරුවන් පාසල්වලට ඇතුලත් කිරීමේ දි විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ කාර්යභාරය වැඩි අවධානයට ලක් විය යුතු බව ත්, ඔන්ලයින් ක්‍රමය ඔස්සේ දරුවන් දැනුවත් කිරීමත්, පොලිස් නිලධාරීන් හා අදාල කේෂත්ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක බවත් මෙහි දි ප්‍රකාශ විය. මෙම වසර තුල දි දිස්ත්‍රික්කයේ දරුවන්ගේ පවුල් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේ සමික්ෂණයක් මේ වන විටත් ක්‍රියාත්මක බව ද මෙහි දි හෙලි විය.
දිස්ත්‍රික්කය තුල මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දැනුවත් කිරිමේ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වන බව ද මෙහි දි අනාවරණය විය.
මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් ළමා හා කාන්තා අංශය මඟිනි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් අධිකරණ වෛද්‍යතුමන්, මනෝ වෛද්‍යතුමන්,ළමා රෝග විශේෂඥතුමන්,අන්තරායකාරක ඖෂධ මණ්ඩලයේ බාහිර සහකාරතුමන්,සහකාර කම්කරු කොමසාරිස්තුමන්, පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල කාන්තා හා ළමා අංශවල නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.


























