කෑගල්ල දිස්ත්රික් ඵලදායිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ වැඩසටහන අද (31 ) දින පෙරවරුවේ දී දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවනාගාරයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ පැවැත්වුණු අතර අතිරේක දිස්ත්රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය මෙම අවස්ථාවට එක් වෙමින් පැවසුවේ සීමිත සම්පත් භාවිතා කරමින් පෙර පාසල්වල ඵලදායිතාවය ඉහල නැංවීමට දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය කිරිම වැදගත් ආයෝජනයක් වන බව ය. පෙර පාසලට පමණක් නොව සමස්ත ජීවිතයේ සියලු අවස්ථාවන්ට ඵලදායිතා සංකල්ප ආදේශ කර ගැනිම ද සාර්ථක දිවියක් සඳහා ඉවහල් වන බව ද ඒ මහත්මිය වැඩිදුරටත් එහි දී ප්රකාශ කළා ය.
ඒ අනුව කෑගල්ල දිස්ත්රික්කයේ පළමු වතාවට 5S සහතිකකරණය පෙර පාසල්වලින් ඇරඹීම මෙම වැඩසටහන මඟින් ආරම්භ වේ.ඒ සඳහා දිස්ත්රික්කයේ පවතින සමස්ත පෙර පාසල් 731 ක් අතුරින් තෝරා ගත් පෙර පාසල් 100ක ගුරුවරියන් සඳහා 5S සහතිකකරණය පිළිබඳ දැනුවත් කිරීම අද දින දිස්ත්රික් ඵලදායිතා නිලධාරීන් හා දිස්ත්රික් මුල් ළමා විය සංවර්ධන නිලධාරිනියගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණි.

























