කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මගින් ක්‍රියාත්මක වැඩසටහන් හා ඒ්වා ක්‍රියාත්මක කිරිමේද ඇතිවන ගැටලු පිලිබදව විමසා බැලෙන ප්‍රාදේශිය ලේකම් හමුව අද (01) දින පෙරවරුවේදී දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


ප්‍රජා පොලිස් සංකල්පය පිළිබඳව ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් කිරිමක් මෙම අවස්ථාවට එක් වෙමින් ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කොඩිකාර මහතා විසින් සිදු කෙරිණි. ඒ් අනුව ග්‍රාමසේවා වසම් මට්ටමින් ක්‍රියාත්මක සේවා පියසට ප්‍රජා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොමු කිරිමට නියමිතය. මෙම ප්‍රජා පොලිස් සංකල්පයේ අරමුණ වන්නේ ප්‍රජාව හා පොලීසිය අතර සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමත් , ඒ් මගින් ග්‍රාමීය මට්ටමින් සිදු වන සුළු අපරාධයන් වලක්වා ගැනීමත්ය. ප්‍රාදේශිය මට්ටමින් මෙම නිලධාරීන් යොදවා ගැනීමේදී ඇතිවන ගැටළු මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.


මෙම ප්‍රාදේශිය ලේකම් හමුවේ දී අපනයන කෘෂි කලාප, අපනයන සැකසුම් ගම්මාන, ප්‍රාදේශීය කර්මාන්තපුර ඉදි කිරිම, සාම්ප්‍රදායික ගම්මාන, සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන, කාබනික පොහොර නිෂ්පාදනය, ග්‍රාමීය ක්‍රිඩා හා පාසල් ක්‍රිඩා පිටි, ආගමික සිද්ධස්ථාන සංවර්ධනය, සිමා නිර්ණය කිරිමේ කමිටු වාර්ථා සකස් කිරිම , හරිත ගෙවතු වැඩ සටහන, 75 වන නිදහස් දිනයට සමගාමීව රුක් රෝපණ වැඩ සටහන, බිම්මල් වගා වැඩ සටහන, තරුණ ගොවි ව්‍යවසාය වැඩ සටහන වැනි වැඩසටහන් ගණනාවක් පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.


මේ අතර ගම සමඟ පිළිසඳර වැඩසටහනට සමඟාමිව " අය වැයෙන් - වැඩ ලක්ෂයක්" ව්‍යාපෘතියේ ඒ ඒ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ආරම්භ කර ඇති ව්‍යාපෘතීන්හි වත්මන් තත්වය විමසා බැලුනු අතර ඊට අදාල මිල දි ගැනීම් , ඇස්තමේන්තු ගත කිරිම්, ගිවිසුම් ගත විම් ඇතුලු කරුණු පිලිබඳව ද සාකච්ඡා කෙරිණි.


ඒ් ඒ් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරන දිස්ත්‍රික් නිලධාරීන් තම තමන් විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන්හි ප්‍රගතිය ඉදිරිපත් කිරිමක් ද මෙහිදි සිදු කෙරිණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) චරිතා ඉලංගකෝන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ්. ඒ්. වීරකෝන් , දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි යන මහත්ම මහත්මීන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන්,ප්‍රජා පොලිස් සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිතුමන්, සබරගමු පළාත්භාර පොලිස් අධිකාරිතුමන් ප්‍රාදේශිය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.