කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් ජාතික යොවුන් සේනාංකයේ සහයෝගයෙන් දිස්ත්‍රික්කයේ තෝරා ගත් රාජය ආයතනවල කේෂත්ර නිලධාරීන්ගේ කාර්ය සාධනය හා නායකත්ව කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් එක් දින ධාරිතා වර්ධන පුහුණු වැඩසටහනක් ඊයේ (07) වන දින දවස පුරා කෑගල්ල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දි පැවැත්විණි.
නායකත්වය, කණ්ඩායම් හැඟිම, ඉදිරිපත් වීමේ හැකියාව ඇතුලු පෞරුෂත්ව සංවර්ධන කුසලතාවයන් වැඩි දියුණු කිරිමට මෙහි දි සහභාගී වූ නිලධාරින්ට හැකියාව ලැබුණු අතර වැඩසටහන සඳහා ප්‍රවීණ දේශක නිශාන්ත දොඹගහගේ මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි .
මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානාධිපති මේජර් චමින්ද කරුණාරත්න යන මහත්ම මහත්මීන්, ආපදා, සමාජ සේවා, වැඩිහිටි, පරිසර හා වැවිලි ප්‍රජා සන්නිවේදන යන අංශයන්හි කේෂත්ර නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.


























