අප්‍රේල් මස 08,09,10 යන දින ද ඇතුලත්ව ඉදිරි දින කිහිපයේ දි වැසි තත්වයේ වැඩි විමක් අපේක්ෂිත බැවින් ඊට මුහුණ දිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව උපදෙස් දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. විරසුරිය මහතා විසින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දෙයි.
ඒ අනුව,ආපදා තත්වයට ක්ෂණිකව මුහුණ දීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් සෙවිම සහ මුදා ගැනීම් කණ්ඩායම් හා අවශ්‍ය උපකරණ සූදානම් කර තබා ගැනීම .
ස්ථාන ගත කර ඇති බෝට්ටු හා අඟුල්වල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කර සූදානම් කිරීම .
නිවාස හා මහා මාර්ග ආශ්‍රීත අවදානම් සහිත ගස් හා අතු කපා දැමිම සඳහා ග්‍රාම නිලධාරින් දැනුවත් කර පියවර ගැනීම .
අධික වර්ෂාවෙන් ගංවතුර, නාය යාම්, ගල් පෙරලීම්, කණ්ඩි කඩා වැටිම්,අකුණු සැර වැදීම, තද සුලං ඇති විය හැකි බැවින් පුද්ගල ජිවිත හා දේපලවලට වන හානි අවම කිරිමට පියවර ගැනිම .
සුරක්ෂිත මධ්‍යස්ථාන සූදානම් කර ගන්නා ලෙස අදාල නිලධාරීන් දැනුවත් කිරීම .
කාලගුණ හා නාය යාම් අනතුරු ඇඟවිමේ නිවේදනවලට අනුව නාය යෑමේ මධ්‍ය අවදානම් ජනතාව සුරක්ෂිත කිරිමේ පෙර අනතුරු ඇඟවිමේ ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම .
සමාජ සේවා නිලධාරී, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ අවශය සහයෝගය ලබා ගැනීමටත්, හදිසි තත්වයකදී දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සම්බන්ධ කර ගැනීම .
ඒ අනුව උක්ත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉදිරි වර්ෂා සහිත අවදානම් කාලයට සාර්ථකව මුහුණ දී දිස්ත්‍රික්කයේ ආපදා හානී අවම කර ගැනීමට අපේක්ෂිත ය.


















