ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ මැදිහත් විමෙන් විදුලි පාරිභෝගිකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳ ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (21) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැිණි.


විදුලි බලය ලබාගැනීම හා ඒ් සම්බන්ධ මහජනයාට ඇති ගැටළු පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ හා විසදුම් ලබා දිමේ ළුලදායි ප්‍රවේශය ග්‍රාම නිලධාරින් ස්න්ධිකරණය කර ගනිමින් ජංගම සේවාවන් පැවැත්වීමෙන් බව මේ අවස්ථාවට එක් වෙමින් ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රොෂාන් වීරසූරිය මහතා පැවසීය.


ඒ් අනුව පාරිභෝගිකයා අසලටම ගොස් විදුලි ගැටළු විසදීම, විදුලි පාරිභෝගිකයාගේ දැනුවත්භාවය වර්ධනය කිරිම, සේවා සැපයුම් ආයතනයේ අනුකූලතාවය ඉහළ නැංවීම, සේවා සැපයුම් ආයතනය හා පාරි‌භෝගිකයා අතර සම්බන්ධතාවය ඉහළ නැංවීම, විදුලිබල සේවාවේ ගුණාත්මකභාවය තහවුරු කිරිම හා වර්ධනය කිරිම විදුලි පාරි‌භෝගික ජංගම සහන සේවයේ අරමුණු වේ.


ඉදිරියේදී පැවැත්වීමට නියමිත විදුලි පාරිභෝගික ජංගම සේවය මගින් විදුලි ගිණුමේ නම හා ලිපිනය වෙනස් කිරිම් , විදුලි මනුව, විදුලි කණු හා රැහැන් මාර්ග, විදුලි මාර්ග අවසරය හා ඊට අදාල වන්දි, ගස් අතු කැපීම, නව විදුලි සම්බන්ධතා, විදුලි ධාරිතාව, අය ක්‍රමය වෙනස් කිරිම, විදුලි බිල, විදුලි බිඳ වැටිම් පිළිබඳව දැනුවත් භාවය හා විසදුම් ලබා ගැනීමට හැකිය.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනීෂා එස්. රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ්.ඒ්. වීරකෝන් යන මහත්ම මහත්මීන් හා කෑගල්ල ගලිගමුව මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පරිපාලන ග්‍රාම නිලධාරීන් හා වසම්භාර ග්‍රාම නිලධාරීන්, ග්‍රාම සංවර්ධන නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක් වුහ.