සෑම දෙසතියකට වරක් රැස් වන කෑගල්ල දිස්ත්‍රික් පොහොර මෙහෙයුම් කමිටුව දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. විරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
මේ වන විට ආරම්භ වී ඇති යල කන්නයේ වි වගා කටයුතු සඳහා සහ අනෙකුත් වැවිලි භෝග වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර ලබා දිමට ඇග්‍රස්ටර් සමාගම ඇතුලු අනෙතුක් සමාගම් සඳහා උපදෙස් ලබා දිම හෙි දි සිදු විය.තව ද ඇග්‍රස්ටාර් සමාගම ඉදරි දෙසතිය තුල අවශ්‍ය කාබනික පොහොර සැපයිමට කටයුතු කරන බව ද පැවසීය.
කෘෂි කර්ම හා ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවල සම්බන්ධීකරණයෙන් ගොවින් හට කාබනික පොහොර භාවිතය පිළිබඳ යුධ හමුදාව විසින් දැනුවත් කිරිම් ඉදිරියේ දී සිදු කිරිමට නියමිත යි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි, දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් කලණ ජයනන්දන ,දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් එල්.ඒ.ජේ.එල්.බී උඩෝවිට යන මහත්ම මහත්මින්, දිස්ත්‍රික් පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරුන්, කාෂිකර්ම කේෂත්‍රයට අදාල නිිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.
























