කෑගල්ල දිස්ත්‍රික්කයේ නිපුණතා ශිල්පීන් සදහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) නොමිලේ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (05) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
රටට විදේශ විනිමය අවශ්‍යම මොහොතක ඵලදායි ලෙස පුහුණු ශ්‍රමිකයන් විදේශ ගත කිරීමේ හැකියාව මේ ඔස්සේ උදාවේ .ඊට අමතරව ස්වයං රැකියාවන් කරන ශිල්පීන්ට අවශ්‍ය වෘත්තීමය සුදුසුකම් ඉහළ නැංවීම ,බැංකු ණය ලබා ගැනීමේ පහසුකම් සැලසීමේ අවස්ථා උදාකර ගැනීමට හැකි වීම මෙන්ම වෘත්තීන් සඳහා විධිමත් පිළිගැනීමක් ඇති කර ගැනීමට ද මෙම ජාතික වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම තුළින් අවස්ථාව උදාවේ.
මෙහිදී අදහස් දැක්වූ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය ප්‍රකාශ කළේ වෘත්තීමය වශයෙන් හා පාරම්පරික රැකියාවන්හි නිරත වන ශිල්පීන් ට වෘත්තීයමය සුදුසුකම් ඔප්නංවා ගැනීමට මෙම (NVQ) සුදුසුකම සම්පූර්ණ කිරීම ඔස්සේ අවස්ථාව උදාවීම අතිශයින්ම වැදගත් වන බවයි .
පාසල් හැර යන සිසුන්, අ.පො.ස (සාමාන්‍ය පෙළ) අසමත්, අ.පො.ස (උසස් පෙළ ),අසමත් උසස් අධ්‍යාපනය ලැබූ මෙන්ම පාරම්පරිකව තම ශිල්පය කරගෙන යන අය සඳහා මෙම සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදාවේ.නිපුණතා පාදක ( CBT)සහ පෙර දැනුම පිළිගැනීම (RPL) යන ක්‍රමවේද දෙක ඔස්සේ (NVQ)ලබා ගැනීමේ හැකියාව උදාවේ.ඒ තුළින් රැකියා ඵලදායිතාවය වැඩි වීම, තරගකාරී ප්‍රතිලාභ ලඟා කරගැනීම, ආයතන ප්‍රතිරූපය ගොඩ නැංවීම, ව්‍යවසායකත්ව අවස්තා උදා වීම වැනි ප්‍රතිලාභ රැසක් ලඟාකර ගැනීමට හැකියාව ලැබේ.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන සම්බන්ධව දැනුවත් කිරීම හා අදාළ අයදුම්පත් පුරවා සුදුසුකම් සපුරන අය සඳහා වෘත්තීමය සුදුසුකම් ලබා දීම මෙම මස තුළ දීම ආරම්භ කෙරේ .
මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ (පර්යේෂණ හා ඇගයීම්) යූ.කේ නන්දන, එම අධිකාරියේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රවී බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු එම අධිකාරියේ නිලධාරීන් , කෑගල්ල, දෙහිඕවිට,ගලිගමුව යොවුන් සේනාංක මධ්‍යස්ථානයන්හි නිලධාරීන් , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිපුණතා නිලධාරීන්, මානව සම්පත් සංවර්ධන නිලධාරීන් ,විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.























