දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභසාධක සංගමය විසින් මෙහෙයවනු ලබන දිදුල පෙර පාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වසරක් පාසා සම්බුදු තෙමඟුල සමරනු පිණිස පවත්වන වෙසක් බැති ගී සරණිය - 2022 අද (30) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.


එම පෙර පාසලෙහි දරුවන් 12 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම බැති ගී ප්‍රසංගයෙහි ගීත බොහොමයක් එම පෙර පාසල් ගුරුවරියන් විසින් රචනා කොට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරී මොහොන් කුමාර මහතා විසින් සංගීතවත් කිරීම තිබීම විශේෂත්වයකි.


2019 වසරේ දී ආරම්භ කෙරුණු දිදුල පෙර පාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය, වත්මන් දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මැතිතුමන්ගේ උපදෙස් පරිදි තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින අතර එළඹෙන පොසොන් පොහොය දිනය ද අළලා ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට ද නියමිත ය.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස්. රත්නායක යන මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරින්, පූර්ව ළමා විය සංවර්ධන නිලධාරීනි භද්‍රා කුමාරි මහත්මිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් , දිදුල පෙර පාසලේ ගුරු භවතුන්, දෙමාපියන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.