කෑගල්ල දිස්ත්රික්කයේ රාජ්ය සේවාව තුළ ඵලදායිතා සංකල්ප පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය හා දිස්ත්රික් ලේකම් කාර්යාලය එක්ව පැවැත්වූ ඵලදායිතා සංකල්ප පිළිබඳ මූලික සහතිකපත්ර පාඨමාලාව (මාර්ගගත පුහුණු සැසිය) සාර්ථකව නිම කළ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හට සහතිකපත්ර පිරිනැමීම කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (2022/05/30) සිදුකෙරිණි.





















