කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නිපුණතා සංවර්ධන දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව අද දින (07) පෙරවරුවේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී රැස්විය.
එහිදී පහත සදහන් කරුණු කෙරහෙි විශේෂ අවධානයක් යොමුවිය.විදේශ විනිමය රටට ගෙන ඒම සඳහා නව යෝජනාවක් ලෙස ඉදිරිපත්ව ඇති දැනට රජයේ සේවයේ නියුතු විදේශ රැකියා ගතවීමට කැමති හා සුදුසුකම් ලත් පුද්ගලයින් හදුනාගැනීම සදහා අවශ්‍ය වැඩපිලිවෙලවල් කඩිනමින් සකස් කිරීම,සම්පත් යතාර්ථීකරණ කමිටුව මගින් වගානොකල ඉඩම් හදුනාගැනීම , භාවිතයට නොගන්නා යන්ත්‍ර උපකරණ ගොඩනැගිලි ඵලදායී ලෙස භාවිතාකිරීම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාවල මානව සම්පත් සංවර්ධන අංශයන් ස්ථාපිත කර එම අංශවලට නිපුණතා සංවර්ධන නිලධාරීන් , මානව සම්පත් සංවර්ධන නිලධාරීන් , විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරීන්, තොරතුරු තාක්ෂණ නිලධාරීන්, ඵලදායීතා සංවර්ධන නිලධාරීන්, වනිතා සංවර්ධන නිලධාරීන්, කුඩා ව්‍යාපාර/කර්මාන්ත සංවර්ධන නිලධාරීන්, තරුණසේවා නිලධාරීන් ඇතුලත් කිරීමට යොජනා විය.
මෙම අවස්තාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී යන මහත්මීන් ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.




















