කෑගල්ල දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා රඹුක්කන බ්‍රැන්ඩික්ස් ආයතනය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඒකාබද්ධව කටයුතු කිරීම සම්බන්ධ සාකච්ඡාවක් අද (07) කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
විශේෂයෙන්ම ඉදිරියේ දී මේ ආහාර සුරක්ෂිතතාවය සඳහා සිදුකෙරෙන වැඩසටහන් සඳහා සහය දීමට මෙමගින් අපේක්ෂා කෙරෙන අතර බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් රඹුක්කන, මාවනැල්ල, ගලිගමුව හා කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ආහාර බෝග නිෂ්පාදන ව්‍යාපෘති, ගෙවතු වගා ප්‍රවර්ධනය වැඩසටහන් සඳහා ඒකාබද්ධව සහය දීමටත්, ඉදිරියේදී කෘෂි යෙදවුම් හා පොහොර ලබා දීමටත් කටයුතු කිරීමට නියමිතය.
රඹුක්කන බැන්ඩ්‍රික්ස් ආයතනට සම්බන්ධ වී සිටින කෑගල්ල දිස්ත්‍රික්කයේ 4000ක් පමණ සේවක පිරිසකගේ ගෙවතු සහ වගා කළ හැකි පෞද්ගලික ඉඩම් වගා කටයුතු වල යෙදවීම සඳහා කෘෂි අංශ වල සහය හා දායකත්වය ලබාගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද මෙහෙදී යෝජනා කෙරිණි.
ඉදිරි ආහාර අර්බුදය සඳහා වගා කටයුතුවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් ආහාර නාස්තිය අවම කිරීමට සහ ගෘහස්ථ බලශක්ති ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු කළ යුතු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා අවධාරණය කළේය.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ. ඒ වීරකෝන්, පලාත් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්යක්ෂ එන්. එල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු රඹුක්කන බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.




















