කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නිළධාරීන්ගේ මාසික ප්‍රගතිය විමසා බැලෙන හමුව අද (14 ) පෙරවරුවේ දි ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් පුෂ්පා වීරසේකර මහත්මියගේ සහභාගිත්වයෙන් ගොවිජන සංවර්ධන කොමසාරිස් කාර්යාලිය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයේ 2022 වසරේ යල කන්නය සඳහා කුඔුරු හෙක්ටයාර 6257 ක් ගොවීන් 22927 කගේ දායකත්වයෙන් වගා කටයුතු ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා රසායනික පොහොර අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් 285 කි.
මෙහිදි දිසාපතිවරයා සඳහන් කළේ ඉදිරි සතිය තුල රසායනික පොහොර ලැබිමට නියමිත අතර ප්‍රමාදයකින් තොරව ක්‍රමවත්ව ගොවීන් වෙත පොහොර ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස සියලු නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, සහකාර අධ්යක්ෂ (ජාතික පොහොර ලේකම් කාර්යාලය) සරත් සුමනදාස යන මහත්වරුන් ඇතුලු ගොවිජන සංවර්ධන නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.




















