කෑගල්ල දිස්ත්රික්කයේ ඉදිරියේ දී ඇති විය හැකි ආපදා වැළැක්වීමට සහ එවැනි ආපදා තතත්වයක දී දිස්ත්රික්කයේ කටයුතු මනාව කළමනාකරණය කර ගැනීමටත් මේ සම්බන්ධ අදාළ පාර්ශවයන් වල නිලධාරීන් වෙනුවෙන් ධාරිතා වර්ධන වැඩසටහන් සිදු කිරීම අතිශය වැදගත් බව කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (20) පෙරවරුවේ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති ප්රාදේශීය මට්ටමින් ක්රියාත්මක සංවර්ධන සැලසුම් අංශයන්හි නිලධාරීන්ගේ ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගි වෙමිනි.
ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදාවන් අවම කර ගැනීමේ අරමුණින් ඉදිකිරීම් සැලසුම් පිළිබඳ නිවැරදි මාර්ගෝපදේශයන් ලබා දීමට සහ ආපදා කළමනාකරණය සම්බන්ධ ක්ෂේත්රයන් පිළිබඳ දැනුවත් කිරීමට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් හී රාජ්ය ආයතන වල තාක්ෂණික නිලධාරීන් සඳහා දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මඟින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
මේ අවස්ථාව සඳහා දිස්ත්රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ අනුෂ්ක චමිල මහතා ඇතුළු දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් සහ දිස්ත්රික්කයේ සියළුම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට සම්බන්ධ තාක්ෂණික නිලධාරීන් රැසක් සහභාගී වූහ.




















