"සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන" වැඩසටහන යටතේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කනංගම ග්‍රාම නිලධාරි වසමේ සාර්ථක මිරිස් වගාවක් නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් චන්දන පියදාස යන මහත්වරුන් එක්වූහ.
මෙම සාරවත් මිරිස් වගාව සඳහා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තාක්ෂණික, මූල්‍යමය හා ද්‍රව්‍යමය සහයෝගය ලබාදෙන අතර ඉතා සීමිත බිම් කඩක සිදුකර ඇති මෙම වගාව ඔස්සේ විශාල ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීමට වගා හිමිකරුවන්ට අවස්ථාව ලැබී තිබේ.
මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද මහතා අදාළ සහ අදාල වසම භාර රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.





















