දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වල්පොල ග්‍රාම නිලධාරී වසමේ මීගස්තැන්න (කොටස) සහභාගිත්ව ගැමි පිවිසුම වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කිරීම කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
මෙම වැඩසටහනෙහි මූලික අරමුණු අතර ග්‍රාමීය සංවර්ධනය සදහා ජනතා එකමුතුව ගොඩනැංවීම, ඒ සඳහා ගම් මට්ටමෙන් දායකත්වය ඉහළ නැංවීම, ජාත්‍යන්තර හා ජාතික තිරසර සංවර්ධන ප්‍රතිපත්ති ග්‍රාමීය මට්ටමින් දියත් කිරීම හා ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය නොවන සංවිධාන සහාය ලබා ගැනීමට කටයුතු කිරීම, වසර තුනක් තුළ මූලික ග්‍රාමීය පහසුකම් ප්‍රශස්ත මට්ටමකට ඉටුකරගැනීම පෙන්වා දිය හැකිය.
මෙම අවස්ථාවට එක්වෙමින් දිසාපතිවරයා සඳහන් කළේ මීගස්තැන්න ග්‍රාමය තුළ මෙතෙක් විසඳුම් ලබා ගැනීමට නොහැකි වූ මූලික සංවර්ධන කටයුතු හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබා දීමට මේ හරහා කටයුතු කරන බවයි .ඒ සඳහා ජර්මන් රජය ,ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන ආයතන හා මධ්‍යම රජයේ හා පළාත් සභා අරමුදල් යොදා ගනිමින් සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවීමට සැලසුම් කරන බවයි.
මෙම අවස්ථාවට දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් චන්දන පියදාස මහතා ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාණ්ඩලික නිලධාරීන් ,දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්, තිරසර සංවර්ධන එකමුතුවේ සභාපති ඩබ්ලිව් .ඩබ්ලිව් කුලරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
























