‘දයාවේ සත්කාරය මනුසත් මෙහෙවර' වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බලමණ්ඩල වල අඩු ආදායම්ලාභී පවුල් 1500 ක් සඳහා වියළි ආහාර මළු බෙදා දීමේ වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන අද (31) පෙරවරවරුවේ දී තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
හොරණ ශ්‍රී සිද්ධාර්ථ පදනමේ නිර්මාතෘ පූජ්‍ය තලගල සුමනරතන නා හිමියන්ගේ ඉල්ලීමකට අනුව Tan Ngak Buay and Kee Meng Lang සිංගප්පූරූ පදනම මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ රු.මි 63 ක මුදලක ප්‍රතිපාදන අඩුආදායම්ලාභී පවුල් 42 500 ක් සඳහා සහන සැලසීමට නියමිතය.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල උතුර හා දකුණ ශාසනාරක්ෂක බලමණ්ඩල හා ගලිගමුවප්‍රා දේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලවල තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 260 ක් සඳහා වියළි ආහාර මළු ලබා දීම අද දිනයේ දී සිදු කෙරිණි.
මෙම වැඩසටහන කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අමරපුර නිකායේ චූලගණ්ඨි පාර්ශවයේ මහනායක, අමරපුර සංඝ සභාවේ සභාපති, ගන්තුන උල්ගල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති අති පූජ්‍ය ගංතුනේ අස්සජී මහා නායක හිමි, පහත බුලත්ගම කෝරළ තුන ඇතුළු සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක, විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, වෑවලදෙණිය සිරි මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ නාහිමි, සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක, විශ්‍රාමලත් විදුහල්පති, දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, පින්නවල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති දුනුකේවල සීලවිමල නාහිමි පාණන් වහන්සේලා ඇතුළු අනෙකුත් සර්ව ආගමික පූජ්‍ය පක්ෂය, කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය , කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස්. නිශාන්ත, ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ආඥාපති මේජර් ජනරාල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල , බ්‍රිගේබියර් එල්.ඒ.ජේ.එල්.බී. උඩෝවිට , කෑගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත යන මහත්තුරුන් ඇතුළු ප්‍රතිලාභීන් පිරිසක් සහභාගී වූහ.
























