තම ජීවිතයේ වැඩ කළ හැකි අවධ්යේ පවා රට වෙනුවෙන් සේවය කර ,විශ්‍රාම ගිය ද රටට වැඩදායී ලෙස කටයුතු කරනා දිස්ත්‍රික්කයේ වැඩිහිටියන්ගේ සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය දැඩිව පවතින බව කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා මෙහිදී සඳහන් කළේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ ඉදිරියේ දී එළඹෙන ජාත්‍යන්තර වැඩිහිටි දින උත්සවය සැමරුමට අදාල කරුණු සාකච්ඡාවට ලක් කෙරුණු දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලයට එක්වෙමිනි.
සියවස් පූර්ණ උත්තම අභිමන්, ගෙවතු වගා තරගයෙන් ජයග්‍රහණය කළ වැඩිහිටියන් ඇගයීම, දිරිය වැඩිහිටි මව්වරුන් සදහා උපහාර දැක්වීම,ජේෂ්ඨ පුරවැසි අභිමන්, වැඩිහිටියන්ගේ සංස්කෘතික ප්‍රසංගය, ආදරයයි කරුණාවයි - ළමා අපේ වැඩිහිටි ලෝකයයි වැඩසටහන ජයග්‍රාහකයන්ට අැගයීම, වාර්ෂික වැඩිහිටි වන්දනා චාරිකාව ඇතුළු වැඩිහිටියන්ගේ සුබ සාධනය වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ලක්විය.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් වැඩිහිටි නිලධාරිනී ඩිලානි කුමාරි මහත්මිය ඇතුළු දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් වැඩිහිටි බලමණ්ඩලවල සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .





















