අපනයනාභිමුඛ ආර්_ථිකය ශක්තිමත් කිරීම තුළින් විදේශ විනිමය ප්රේෂණ්ය කිරීමට හැකිවන බවත් ඒ සඳහා කුඩා ව්‍යාපාර ව්‍යවසායකයින් දිරි ගැන්වීමට කටයුතු කළ යුතු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (07) පෙරවරුවේ දී පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවති විගමනික ශ්‍රමිකයින් සඳහා ව්‍යාපාර සංවර්ධනය කිරීමේ දෙදින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
පවතින ආර්_ථික අර්_බුදයෙන් මිදීමට නම් විදේශ විනිමය ඉපයීමට හැකිවන නිෂ්පාදන ආර්_ථිකට යොමු වීම සඳහා රජය මඟින් විවිධ වැඩසටහන් සැලසුම්කර ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බවද පෙන්වා දුන්නේය.
මෙම වැඩසටහන දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහකාර අධ්‍යක්ෂිකා එල්.එච්.ටී මනෝජා මහත්මිය ඇතුළු විගමනික ශ්‍රමිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.























