මෙරට සංගීත ක්ෂේත්‍රයේ සදාතනික හඬ පෞරුෂයකට හිමිකම් කියන රසික හදවත් අමන්දානන්දයට පත් කළ ගීත රැසක හිමිකරුවෙකු වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින ප්‍රවීණම කලාකරුවෙකු වූ නිමල් ගුණසේකර මහතා විසින් රචිත "ලියමු ගී මනරම්", "ගුවන්විදුලියෙන් නොඇසූ රස කතා","මියැසි මග" ග්‍රන්ථ ත්‍රිත්වය කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාට පිළිගැන්වීම අද (07)පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ දී සිදු කෙරිණ.


කලා භූෂණ නිමල් ගුණසේකර මහතා මට නොවෙයි ඔබ ආදරය කලේ ,ආවාට තිබුනත්, ඉර නෑ වෙනස්වෙලා, එක නිමේෂයක් ඇති ඇතුළු ගීත රැසකින් ගී ලොව සුපෝෂිත කිරීමට දායක වන අතර ගීත ගායනයෙන් නොනැවතී සංගීතඥයෙකු, වයලින් වාදකයෙකු, ගේය පද රචකයෙකු ,ගත් කතුවරු ලෙසින්ද තම නිසඟ හැකියාවන් තුළින් කලාකෙත සාරවත් කිරීමට කටයුතු කරමින් සිටී.


මෙම ග්‍රන්ථ පිළිගැන්වීමේ අවස්ථාවේදී කෑගලු දිස්ත්‍රික්කයේ සමාජ හා සංස්කෘතික විමර්ශනාත්මක තොරතුරු ඇතුළත් කෑගලු විත්ති ග්‍රන්ථය දිසාපතිතුමන් විසින් ප්‍රවීණ සංගීතවේදී නිමල් ගුණසේකරයන්ට පිරිනැමීමට ද කටයුතු කරන ලදී.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලන්ගකෝන්, දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීනී පද්මිණී වික්‍රමලතා,සංස්කෘතික නිළධාරිනී දේවිකා මධුසිංහ යන මහත්මීන් එක්ව සිටියහ.