ආර්_ථික අර්_බුදය හමුවේ විදේශ ආදායම් වර්_ධනය කර ගැනීම උදෙසා නිර්_මාණාත්මක නව ප්රවේශයන් රාජ්‍ය අංශයෙන් සැළසුම් කළ යුතුව ඇතැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (07) දින කෑගල්ල දිස්ත්‍රික්කයේ නිපුණතා සංවර්_ධන නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමතමිනි.
ඒ අනුව ව්‍යවසායකත්වය වර්_ධනය කිරීමේ අරමුණින් පිහිටුවා ඇති මෙහෙයුම් අනු කමිටුවල ප්‍රගතිය විමසා බැලීම මෙහි දී සිදුකෙරුණු අතර ආදායම් උත්පාදනය සම්බන්ධයෙන් නිර්_මාණාත්මක ගැලපුම් සිදුකළ යුත්තේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව පාසල් අනුකමිටුව, තෘතීය හා කාර්_මික සංවර්_ධන අනුකමිටුව, සම්පත් යථාර්_තිකරණ අනු කමිටුව, ව්‍යවසායකත්ව සංවර්_ධන අනුකමිටුව, ශ්‍රම වෙළඳපල හා රැකියා අනු කමිටුව ආදී අනු කමිටු රැසක ප්‍රගතිය සම්බන්ධව මෙහිදී අවධානය යොමු විය.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉංලගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශණී මහත්මීන් ඇතුළු දිස්ත්‍රික්කයේ නිපුණතා සංවර්_ධන නිලධාරීන්,කලාප අධ්‍යාපන කාර්_යාල,කාර්_මික විද්‍යාල, කාර්_මික සංවර්_ධන මණ්ඩලය, වෘත්තීය පුහුණු අධිකාරිය, කුඩා ව්‍යාපාර සංවර්_ධන අංශය, නයිටා ආයනය ආදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකත්ව වර්_ධනයට අදාළ ආයතන රැසක් නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් රැසක් සහභාගී වූහ.






















